පිටු

Wednesday, May 31, 2017

සී යූ ලේටර්. බායි ෆාති...!!!


ෆාති ගැන වචනයක් නොලියා බෑ.. අද ඇය අපි හැමෝගෙන්ම සමුඅරන් යන බව දැනගන්නට ලැබුණම පුදුමාකාර දුකක් දැනුණා. ජීවිතේ කොයි තරම් අවිනිශ්චිත ද? ඩෙංගු මාරයා ඇයව අරන් ගිහින්...

මේ ලියන්නෙ බට්ටිත් එක්ක කතා කරල දුරකථනය තැබූ සැනින්. බට්ටි අඬා වැටෙන හැටි අහන් ඉන්න අමාරුයි...  ‘‘අම්ම ළඟට මට හිටියෙ ෆාති අක්කේ...‘‘ ඈ කියනවා.

පහුවුණු පොත් ප්‍රදර්ශනය දවසක  බට්ටිත්, ෆාතිත් දෙන්නම එකටමයි මාව බලන්න ආවෙ. අපි හමුවුණේ කවි කුටිය අසලදි. හයිකු කවියක් වගේ කෙටි දිවියක අවසන ඈ යන්න ගිහින්...

..........

මම වත්පොතේ අපේ කතා බහට ගිහින් බලද්දි, මම මුලින්ම ඇයට ලියල තියෙන වචන ටික හමුවුණා.

‘‘ඔයා බට්ටි කෙල්ලගෙ යාළු ෆාති නේද?‘‘ ඒ 2012.07.25

‘‘අක්ක ගැන බට්ටි නිතරම කියනවා‘‘ එයා මට එහෙම පිළිතුරු දීලා.

ෆාති ලිව්වෙ ඉංග්‍රීසියෙන්... ඒ බ්ලොග් එක Cool  ඇය කවියට ළැදියි.

..........

2012 දෙසැම්බරේ දවසක ඇය මගෙන් අහනවා මෙහෙම.

‘‘තරු අර ලෝඩ් බුද්දාගේ ට්‍රිපල් ජෙම් එකට සිංහලෙන් කියන්නෙ කොහොමද?‘‘ මම ඇයට තෙරුවන, ත්‍රිවිධ රත්නය ගැන ලියල පහදල තියෙනවා.

ඉන්පස්සෙ ඇය අහල තියෙනවා,

‘‘තව එකක් තියෙනව නේද තරූ මෙහෙම, බුදු හාමුදුරුවො ප්‍රශ්න විසඳන හැටි කියල තියෙනවනේ. ඒකෙ ස්ටෙප්ස් හතරක් තියෙනවා මට මතකයි. මුලින් ප්‍රශ්නය අඳුනගන්නවා. දෙවෙනියට ඒකට විසඳුම් හොයනවා. ඒ වගේ එකක්. මට ඒක චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද?‘‘

‘‘මට හිතෙන හැටියට ඔයා අහන්නෙ චතුරාර්ය සත්‍යය ගැන.. ‘‘ මම ඇයට මා දන්නා තරමින් චතුරාර්ය සත්‍යය ගැන කරුණු ලියල තියෙනවා.

‘‘That's it Tharu. ඒක ගැන තමයි මම ඇහුවෙ‘‘

අවසානයේ මම මෙහෙම ලියනවා. ‘‘මම දන්න විදියට නම් නිවන් දකින්න නම් මේ කාරණා හතර අවබෝධ කරගෙන දුක නැතිකරගන්න ඕන. මේක හරි ගැඹුරු කාරණයක් ෆාති. මටත් තේරුම් ගන්න අමාරුයි.. මමත් කතෝලිකනේ...‘‘

‘‘ඕහ් එහෙමද?‘‘

..............

2013 අප්‍රේල් 12

මටත් වැඩ අඩු දවසක්, ඇය කියල තියෙන්නෙ කම්මැලිකමට මේ පැත්තෙ ආවා කියල.

‘‘බට්ටිත් නෑ ගමේ ගිහින්. බට්ටි නැති වුණාම හරියට දැනෙනවා මට...‘‘ ඈ ලියල තියෙනවා.

ඉතින් ෆාති අද ඔයා නොඑන්නම ගියාම බට්ටිට කොයි තරම් දැනෙනවද?

..........

2014 ජුනී

මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඇවිළුණු දවස්වල... මම ඇයට ලියනවා. හොඳින්ද දැනගන්න.

‘‘මගෙ හිතත් හරි නැහැ. අද දවසම මොකක්ද වගේ. කන්නවත් බොන්නවත් හිතක් නෑ.‘‘ ඇය ලියනවා.

‘‘මට බය මාත් එක්ක හිතවත්කමින් ඉන්න යාළුවොත් වෙනස් වෙයිද කියල. ‘‘

‘‘මනුස්සකම් දන්න යාළුවො වෙනස් වෙන්නෙ නෑ නංගි.‘‘ මම එයාගෙ හිත හදනවා.

අපි මේ ආගම්වාදී, ජාතිවාදී වැඩවලට විරුද්ධව ලියමු.  අපි එදා එහෙම කතිකා කරගෙන තියෙනවා.

සේයා රුව - නයනහාරී අබේනායක
අලුත්ගම ගිනි ඇවිළීමෙන් පසු දවසක 

...........

2014 සැප්තැම්බර්

අපේ අවසන් කතා බහ. පොත් ප්‍රදර්ශනයේදී හමුවන්නට ගිවිස ගැනීම.
ඒ හමුවිම සිදුවුණා.

ඉන් එහාට අපි එෆ්බී චැට් කරල නැහැ. දවසක් දෙකක් ෆෝන් එකෙන් කතා කළා මතකයි...

‘‘හොඳයි තරූ එහෙනම් සී යූ ලේටර්. බායි‘‘ ඇය මා වෙනුවෙන් 
අවසානයට ලියල තියෙන්නෙ ඒ වචන.

එහෙනම් සී යූ ලේටර්. බායි ෆාති...!!!

ඇගේ බ්ලොග් එක මට හඳුන්වා දුන් දවසෙ මට එවූ ලින්ක් එකේ තියෙන්නෙ මේ කවිය... 

The rain has an art that I may not get,
So I stand still here and get soaking wet.

God didn't promise days without pain..,
laughter without sorrow..,
sun without rain..,
but He did promise strength for the day..!
comfort for the tears..
and light for the way..
With every raindrop..
yesterdays muck..
get washed away!
revealing something new..!!
so, let's we love..,
Stained in the rain..,
Whisper in the rain..,
Cry in the rain..,
Dance in the rain..,
Sing in the rain..,
Scream in the rain..,
Live in the rain..,
Die in the rain..!




6 comments:

  1. ඔක්කොමත් හරි...

    මේවා තමයි කියවනකොට උගුර හිරවෙන්නේ.. ඇය සෙවූ යමක් ඇත්නම් එය ලැබෙන්න කියලා පතනවා

    ReplyDelete
  2. මනුස්සයන් ලෙස ජීවත්වූ මනුස්සයන් යන තැනට ඇය ගිහින් ඇති. ඇයගේ සංසාරය කෙටි වේවා කියා එකයි මගේ පැතුම.

    ReplyDelete
  3. තරුණ කෙනෙක්? මිය යාමට හේතුව? ගංවතුර/ නාය යාම්?

    ඇයට සුභ ගමන්.. :'(

    ReplyDelete
  4. දේශකයාගෙ සටහනෙන් තමයි මම මේ ගැන දැනගත්තේ, ඇය ගැනවත් බ්ලොග් එක ගැනවත් මම කලින් දැනගෙන හිටියේ නෑ. නමුත් එහෙම කියලා හිතන දැනෙන කම්පනයේ වෙනසක් නෑ.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...